1940 ජනවාරි 20 වන දින පැරණි වන්නම් (සිතියම් සහිත) ග්‍රන්ථය පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවක්.
පැරණි වන්නම්*
(සිතියම් සහිත)
ප්‍රකාශනය :- ජී. ඒ. ජයවීර මහතා.
කාලය විසින් නටඹුන් කරනු ලැබ තන්හි තන්හී අප්‍රකටව අභාග්‍යවත් ලෙස රැඳී තිබී මෑතක පටන් ජනරංජනයකට පත් වෙමින් එන උඩරට තාල ශාස්ත්‍රයත් වන්නම් කලාවත් පුනරුත්ථාපනයකට පත්වෙන පරිද්දෙන් රත්නපුරයේ මාරපණ ශාස්ත්‍රෝදය පිරිවෙණේ උප ප්‍රධානාචාර්‍ය්‍ය තැම්පත් කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමිපාදයාණන් විසින් සම්පාදිත කදිම පොතකි. පෙරදිග සංගීතයත් එහි පුරාවෘත්තය හා වර්තමාන තත්වයත් අලලා බලා අනාවරණයකට පත් කරමින්පම්පාදනය කොට තිබෙන වටිනා ප්‍රස්තාවනාවකින් යුක්ත වන මෙහි වන්නම් මෙන්ම අවදානම්, සව්දම්, තාල, තාලම්, සුරල්, පන්තේරු, වන්දමානම් ආදී සංගීතාංගද දැක්වේ. වන්නම් අටලොසකැයි සාමාන්‍ය විශ්වාසයක් පවත්නා නමුත් මෙහි දක්නා තිබෙන වන්නම් තිස්ගණනකි. එයින් අටලොසක් පමණ වූ ප්‍රධාන වන්නම් සඳහා රාග තාල ආදියත් ප්‍රස්ථාරයත් දක්වා තිබේ. සිංහල සංගීතය සම්බන්ධයෙන් උද්‍යෝගයක් පහලවී ඒ පිළිබඳ නවොදයක් පහලවේ ගෙන එන මේ සමයේ මෙබඳු විධිමත් ග්‍රන්ථ ප්‍රකාශයට පත්වීම ඉතා ප්‍රෙයා්ජනවත් ය. පොතක මිළ රුපියලකි.
(1940 ජනවාරි 20 සෙනසුරාදා - සිංහල බෞද්ධයා පත්‍රය)
*මෙම ග්‍රන්ථය දැනට අප සතුව නැත.
No comments:
Post a Comment